Thursday, July 12, 2018

aa

මේ උන පොරොන්දුව ඉශ්ට කරන්න දාන පෝස්ට් එක.
ඇඩ්වාන්ස් ලින්ක් බිල්ඩින් කිවුවම හැමෝටම ඕන උනා දැනගන්න ක්‍රම මොනවද කියල. හැබැයි මම ඒ හැමෝගෙන්ම ඇහුවම බේසික් දේවල් වලින් මොකද කරේ කියල එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් අය කිසි කෙනෙක් ඒ බේසික් දේවල් වත් කරල තිබුනෙ නෑ.
ඉතින් මට කියහල්ලකෝ කොහොමද ගොඩ යන්නේ?
බේසික් එක ස්කිප් කරල?
කෙලින්ම හද අල්ලන්න තමයි හැමෝටම ඕන.
එහෙම බෑ යාළු. එහෙම කවදාවත් බෑ.
තැනකට ඇවිත් ඉන්න කවුරුවත් බේසික් ස්කිප් කරල ආපු මිනිස්සු නෙවෙයි. මම අද දාන දේ මේ ගෘප් එකේ 99% දෙනාට ලැබෙන්න සුදුසු දෙයක් නෙමෙයි. ඒත් මම දානව මොකද පොරොන්දුවක් උන නිසා.
ඇඩ්වාන්ස් මෙතඩ්ස් 4ක් දාන්නම් කියල කිවුවෙ. ඒත් මම 3ක් දාන්නම් දැනට.
දෙකක් නෙට් එකෙන් මම හොයාගත්තු සහ කරල බලපුවා.
තුන් වෙනි එක මම තනියම හිතල හදාගත්ත විදියක්. හැබැයි මට ශුවර් මේ ක්‍රමය යූස් කරන අය තව ඇති. හැබැයි නෙට් එකේ කොහෙවත් මේ ගැන සදහනක් නම් මට සෙට් වෙලා නෑ. තනියමම හිතල කරපු දෙයක් නිසා මේ මෙතඩ් එකට අයිතිවාසිකම් නොකීවත් මට පුංචි ආඩම්බරයක් තියෙනව මටම ආපු අදහසක් නේද මේ කියල. ( ආයෙත් කියනව මේ ක්‍රමය යූස් කරන දහස් ගනන් අය ඇති හැබැයි මට නෙට් එකේ කෙහේවත් මේ ගැන සදහනක් හම්බෙලා නෑ)
අපේ කථාවට යන්න කලින් මම අහපු ප්‍රශ්ණයකට මමම උත්තර දෙන්නම්.
ප්‍රශ්ණය - බැක්ලින්ක් බිල්ඩ් කරන කෙනෙකුට තියෙන්න ඕන බේසික් ස්කිල් එක මොකක්ද?
උත්තරය - අවුට් රීච් ස්කිල්
හරි දැන් අපේ මේන් කථාව
ක්‍රමය 01 
ඔයාලා දන්නවනේ දවසකට මිලියන් ගානක් අළුත් වෙබ් නෙට් එකට එනව වගේම අනිත් පැත්තෙන් තව මිලියන් ගානක් ඩොමේන් කල් ඉකුත් වෙනව. නැත්තන් රීනේම් කරනව.
ඉතින් මේක අපිට යූස් කරන්න පුළුවන් ලිනක් හදන්න.
මුලින්ම ඔයාගේ කීවර්ඩ් වලට අදාල කල් ඉකුත් වූ හෝ රී නේම් කරන ලද සයිට් ලිස්ට් එකක් හදාගන්න.
මේ විදියට සර්ච් කරත් හරි.
keyword + "page no longer exists" හෝ keyword + "service no longer exists" හෝ keyword + "rebrand into"
පස්සෙ ඔයාට ගැලපෙන පේජ් ටිකක් තෝරගෙන දාගන්න ශීට් එකකට. ඊට පස්සෙ ඔයාට කරන්න තියෙන්නෙ අදාල පේජ් එක හෝ සමාන පේජ් එකක් ඔයාගේ සයිට් එකේ හදන එක. බොරැවට හදන්න එපා තේරැමක් නෑ. බොරු කරල කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. මොකද ඔයා ගණදෙනු කරන්නෙ මිනිස්සු එක්ක අන්තිම ස්ටෙප් එකේදි.
උදාහරණයකට සර්විස් එකක් ගැන පේජ් එකක් ආපහු හදන්න යන්නෙපා ඇත්තටම අදාල සර්විස් එක දෙන්න බැරිනම්.
හරි මේ ටික හදාගෙන මොකද කරන්න ඕන.
මුලින්ම අදාල ලින්ක් Ahrefs එකේ රන් කරල ඒකට ලැබිල තියෙන බැක්ලින්ක්ස් ටික හොයාගන්න. ඒවත් දාගන්න ශීට් එකකට.
දාගෙන ඒ සයිට් වල වෙබ් මාස්ටර්ගේ මේල් එක හොයාගන්න.
ඒ හොයාගත්තට පස්සෙ වෙබ් මාස්ටර්ට යවන්න මේල් එකක් මෙන්න මේ ආර්ටිකල් එකේ ඔයාගේ ලිනක් එකක් බ්‍රෝක් වෙලා තියෙනව. දැන් ඒ සයිට් එක නෑ නැතිනම් ඒ පේජ් එක නෑ. හැබැයි අපේ තියෙනව මෙන්න මෙහෙම සර්විස් එකක් නැතිනම් සෝස් එකක් ඔයා කැමතිනම් අදාල ලින්ක් එක රීප්ලේස් කරන්න. බ්ලා බ්ලා බ්ලා.....
හිතන්න එපා මේල් සීයක් යවල ලින්ක් සීයක් ගන්න හොදේ. එහෙම ලැබෙන්නෙ නෑ. 10% වගේ ප්‍රතිශතයක් තමා නිකන් හරි රිප්ලයි කරන්නෙවත්.
ඉතින් ලිනක් කීයක් ඕනද ඒකට මේල් කීයක් යවන්න ඕනද කියල ඔයා හිතල ගනන් හදාගන්න.
ක්‍රමය 02 
මේ ක්‍රමය බ්‍රයන් ඩීන් ගේ. සිම්පල්!
මේකයි කරන්න තියෙන්නේ.
BuzzSumo එකේ ඔයාගේ කීවර්ඩ් එක සර්ච් කරන්න.
මුලින්ම එන රිසාල්ට් තුන වෙනමම ටැබ් වල ඕපන් කරගන්න. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඒ කන්ටෙන්ට් බලාගෙන ඊට වඩා හොද සුපිරි කන්ටෙන්ට් එකක් හදල ඔයාගේ බ්ලොග් එකේ දාන එක. ඊට පස්සේ අර ලිනක් 3 Ahrefs එකෙන් ආපහු චෙක් කරල ඒ පේජ් එකට ලිනක් කරල තියෙන සියළුම ලිනක්ස් ටික හොයාගෙන ඒ සයිට් වල වෙබ් මාස්ටර්ගෙ මේල් එක හොයාගන්න.
දැන් තියෙන්නෙ මේල් එකක් යවන්න...
හායි මම මෙයා,
ඔයාගේ බ්ලොග් එක මරැ අරකයි මේකයි. මම දැක්ක ඔයා මේ ආර්ටිකල් එකට ලිනක් කරල තියෙනව.
ඒකත් මරැ මම ආසයි. හැබැයි ඒකේ ඩීටෙල්ස් ටිකක් අඩුයි.
ඉතින් මම හැදුවා ඊට වඩා ලොකු එකක්. මෙන්න ලිනක් එක. ටයිම් තිබ්බොත් චෙක් කරන්න. මම හිතනව පරණ එකට වඩා මේක ඔයාගේ රීඩර්ස්ලට ගැලපේවි.
බටර් බටර් බටර්
බ්ලා බ්ලා බ්ලා...
හම් දැන් ඉතින් තියෙන්නෙ රිප්ලයි එනකන් බලන් ඉන්න.
මේකෙත් කන්වර්ශන් රේට් එක 15% වගේ හොදේ...
ක්‍රමය 03 
දැකල තියෙනවද සමහර බ්ලොග්වල දාලා තියෙනව “As Seen On” කයල?
තව සයිට් වල තියෙනව “Blogs About Us” කියල. ඒ කරන්නේ ඔය පොඩි පොඩි කම්පැණි එයාල ගැන වෙන සයිට් එකක ලියඋන ගමන් ඒ ලින්ක් එක ශෙයා කරනව මෙන්න මෙතන අපි ගැන ලියවිලා තියෙනව කියල.
එයාලට ඕන එයාල ෆේමස් කියල පෙන්වන්න.
ඉතින් අපිට කරන්න තියෙන්නෙ මේ වගේ ප්‍රෙස් ශෙයා කරන කම්පැණි සයිට් ටිකක් හොයාගන්න අපේ නිශ් එකේ. ඊට පස්සේ එයාල ගැන මොනා හරි හොද දෙයක් අපේ බ්ලොග් එකේ ලියල ලින්ක් එක මේල් කරනව එයාලගේ වෙබ් මාස්ටර්ට.
ගොඩක් වෙලාවට එයාලා පටස් ගාලා ශෙයා කරනව අපේ ලිනක් එක එයාලගේ සයිට් එකේ.
[keyword] inurl:”in the news”
[keyword] intitle:”in the news”
මෙහෙම පුළුවන් ඒ වගේ සයිට් හොයාගන්න.....
Sample - https://possiblemobile.com/our-company/in-the-news/
කන්වර්ශන් රේට් එක 50% ට වැඩි.
අදට ඇති නේ. තව මගේ ක්‍රම තියෙනව. සමහර ඒවානම් කවදාවත් ශෙයා කරන එකක් නෑ. ඒ හේතුව කලින් කිවුවා වගේ මේකෙ ඉන්න 99% මෙ දෙවල් ලබන්න සුදුසු නෑ.
හැමෝම බලන්නෙ තමන්ගේ වැඩේ කරගන්න විතරයි. වැඩේ කෙරුනම අනිත් එකාට පයින් ගහනව. ඒ වගේ උන් ගැනනම් මට අවුලක් නෑ මොකද මම දෙයක් කියල දෙන්නෙ ආපහු මුකුත් ගන්න නෙමෙයි.
හැබැයි බේසික් එකෙන් ප්‍රයෝජනයක් නොගෙන ඇඩ්වාන්ස් හොයන්න යන උන් ගැනනම් මට තියෙන්නෙ තරහක්.
ඊලගට තව දෙයක් කියන්න ඕන. ගූගල් කරල ලේසියෙන් හොයාගන්න පුළුවන් දේවල් ගැන මැසේජ් කර කර අහන්න එපා බන්.
මට එනව දවසට මැසේජ් 50ක් විතර. දැන්නම් ඒක වදයක් වෙලා. අද වෙනකන්නම් හැමෝටම රිප්ලයි කරා. ඉස්සරහටනම් එහෙම රිප්ලයි නැතිවෙයි. නැත්තන් සති ගනන් පරක්කු වෙලා රිප්ලයි ඒවි.
ඒ ලොකු කම නෙවෙයි බන්. මේ පැය විසි හතර මදි වෙලා ඉන්නෙ අපේ වැඩ කරගන්නත්.
ලසා අයියට එහෙම එනව ඇති මැසේජ් 100 පැනල.
ගොඩක් උන් අහන්නෙම ගූගල් එකේ ගෙඩි පිටින් තියෙන ඒවා.
එහෙම වෙන්න එපා මචන්ල.
තනියෙන් ඉගෙන ගන්න තරමට උඹලටමයි හොද.
එහෙනම් මම ගියා ඉතින් අදට කථාව ඉවරයි 
කලින් මම දැම්ම පෝස්ට් එක -